ඉන්දියාවේ වසර 4,000 කට පෙර
ලාදුරු රෝගය පැවති බවට සාධක
ලාදුරු, ලෝකය පුරා රටවල දිගු කලක් තිස්‌සේ ඉතා භයානක රෝගයක් ලෙස සැලකිල්ලට ලක් ව තිබූ රෝගයකි. මේ රෝගය වැළඳෙන්නේ ඵහජදඉaජඑeරසමප කැචර්e නම් බැක්‌ටීරියාවකිනි. එහි ප්‍රධාන බලපෑම් සමට හා පර්යන්ත ස්‌නායු පද්ධතියට ඇති වන නමුත් එහි බලපෑම් අස්‌ථි පද්ධතියට ද එල්ල වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව ස්‌ථිර ශාරීරික අකර්මණ්‍යතාව සඳහා හේතු වන බෝ වන රෝග අතරින් ලාදුරු මූලික තත්ත්වයේ ලා සැලකෙන රෝගයකි. එහෙත් වර්තමාන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මුල් අවස්‌ථාවේ දී හඳුනාගත හැකි නම් රෝගය සුව කළ හැකි ය.
මේ වන විට ලාදුරු සඳහා පිළියම් තිබුණ ද අතීතයේ දී මේ රෝගය සුව කළ නොහැකි රෝගයක් ලෙස සලකන ලදි. එA නිසා රෝගීන් වෙන් කර තබන ලද අතර රෝගීන් පමණක් නො ව ඇතැම් විට එම රෝගීන් ගේ පවුලේ අනෙක් සාමාජිකයන් පවා සමාජයෙන් කොන් කිරීමට හා පිළිකුලට ලක් විය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ලාදුරු රෝගීන් රඳවා තැබීම සඳහා රෝහල් මෙන් ම වෙන ම ආයතන පවා පිහිටුවා තිබිණි. මේ හේතු නිසා මෙය ලෝකය පුරා ජනයා බෙහෙවින් ත්‍රාසයට ලක් කළ රෝගයක් වූයේ ය. ලාදුරු පිළිබඳ විවිධ සඳහන් ලෝකයේ විවිධ රටවල ඉතිහාස මූලාශ්‍රවල දැකගත හැකි ය.
මේ තත්ත්වය නිසා මේ රෝගය ඇති කරන බැක්‌ටීරියාව සොයාගත් ආමවුර් හැන්සන් ගේ නමින් එනම් "හැන්සන් ගේ රෝගය"Z නමින් හැඳින්වීමට පෙලඹීමක් ඇත්තේ ද අතීතයේ පටන් ලාදුරු රෝගය පිළිබඳව පැවති සමාජ පිළිකුළ නිසා ය. වාසනාවකට මෙන් වර්තමානය වන විට තත්ත්වය තරමක් හෝ වෙනස් වී තිබේ. ඒ ප්‍රතිකාර සොයාගැනීම නිසා ය. එහෙත් මේ වන විට ද ලාදුරු රෝගයෙන් වර්ෂයක දී පීඩාවට පත් වන පිරිස 250,000ක් තරම් වේ. ලාදුරු රෝගයේ ප්‍රභවය හා ව්‍යාප්තිය
ඕනෑ ම රෝගයක ප්‍රභවය හා එය ව්‍යාප්ත වූ ආකාරය විද්‍යාවේ අවධානයට ලක් වූ විෂයයකි. මේ සඳහා ඓතිහාසික මූලාශ්‍ර මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ද යොදා ගැනේ. මේ ආශ්‍රයෙන් ලබාගන්නා දැනුම මගින් රෝගය ව්‍යාප්ත වූ ආකාරය ගැන අවබෝධයක් ලබාගත හැකි ය. එසේ ම මේ තත්ත්වය බෝ වන රෝග බිහි වීම හා ව්‍යාප්ත වීම පිළිබඳ අවබෝධයක් ලැබීමට ප්‍රයෝජනවත් වේ. එA පිළිබඳ අවබෝධය එවැනි වෙනත් රෝග මැඬපැවැත්වීමට ද දායකත්වයක් ලබා දේ.
ලාදුරු රෝගය පිළිබඳව ඇති ලේඛනගත සාධක අතර ආගමික මෙන්ම ඓතිහාසික මූලාශ්‍ර ද වේ. මේ පිළිබඳව සඳහන් පැරණි ම ලියවිලි ලෙස සැලකෙන්නේ ඊජිප්තුවෙන් හමු වී ඇති එබර්ස් පැපිරස් ලේඛන ය. මේවා පූර්ව ඓතිහාසික සමයට අයත් ක්‍රි. පූ. 1550ට පමණ දින නියම කර ඇති ලේඛන වේ. එමෙන්ම භාරතයේ වෛදික යුගයේ වැදගත් ග්‍රන්ථයක් වන අතර්වවේදයේ පළමු කෘතියේ ලාදුරු පිළිබඳව සඳහන් ව ඇත. එය ලියෑවී ඇත්තේ ක්‍රි. පූ. දෙවන සහස්‍රකයේ බව විශ්වාස කෙරේ. එසේ ම පැරණි හා නව තෙස්‌තමේන්තුවේ ද මේ රෝගය පිළිබඳව සඳහන් ව ඇත. කෙසේ වෙතත් මේ මූලාශ්‍ර තරමක් මතභේදයට තුඩු දී ඇති එAවා ය. මේ වන විට පුළුල් ව පිළිගන්නා වඩා විශ්වසනීය සාධක ලෙස සැලකෙන්නේ වඩා මෑත කාලයකට අයත් සුශ්‍රැත සංහිතාව හා කෞටිල්‍ය ගේ අර්ථශාස්‌ත්‍රයේ සඳහන් වන කරුණු ය. මේ කෘති ක්‍රිස්‌තු පූර්ව 6 වන සියවස තරම් කාලයක් දක්‌වා පැරණි ය. පළමුවන සියවසේ දී පමණ ජ්‍යෙෂ්ඨ ප්ලිනී හා සෙල්සස් නම් රෝමානු ලේඛකයන් විසින් ලියනු ලබන ලේඛනවල ද ලාදුරු සම්බන්ධ සාධක ඇත. එසේම ග්‍රීක ලේඛකයකු 4 වන සියවසේ දී මේ පිළිබඳව කරන සඳහන සහ චීන ලේඛකයකු 3 වන සියවසේ දී පමණ මේ පිළිබඳව සිදු කරන සඳහන වඩා විශ්වසනීය සඳහනක් ලෙස සලකනු ලැබේ.
ලාදුරු රෝගය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ද තිබේ. රෝගය වැළඳුණු පුද්ගලයින් ගේ අස්‌ථි අවශේෂ අප්‍රිකාවෙන් හා බටහිර ආසියානු ප්‍රදේශවලින් හමු වී ඇත. මේ අතර ක්‍රි. පූ. 2 වන සියවසට අයත් අස්‌ථි අවශේෂ ඊජිප්තුවෙන් ද, ක්‍රි. පූ. 5 සියවසට අයත් අස්‌ථි අවශේෂ නුබියාවෙන් ද හමු වී ඇත. එසේ ම 2005 වර්ෂයේ දී රෝගය බෝ කරන බැක්‌ටිරියාව පිළිබඳව කරන ලද ජානමය අධ්‍යයනයකින් පෙන්වා දුන්නේ මේ රෝගය නැගෙනහිර අප්‍රිකාවේ හෝ මෑත පෙරදිග (මැද පෙරදිග) ප්‍රදේශයේ ප්‍රභවය වූ බවකි.
මේ කරුණු මත පදනම් ව ලාදුරු රෝගයේ ප්‍රභවය සිදු වූ ප්‍රදේශය පිළිබඳව මත දෙකක් පවතී. ඉන් එකක් නම් ලාදුරු රෝගය ඉන්දියානු උපමහාද්වීපයේ ආරම්භ වී ක්‍රි. පූ. 4 වන සියවස පමණ කාලයක දී පමණ යුරෝපයට පැමිණෙන්නට ඇති බව ය. මේ පිළිබඳව ඇති එක් අදහසක් නම් ඇලෙක්‌සැන්ඩර් රජු ගේ ඉන්දීය ආක්‍රමණයට පැමිණි ග්‍රීකයන් ආපසු යන විට මේ රෝගය රැගෙන ගිය බව ය. ඉන් පසුව රෝගය ග්‍රීසියේ සිට මධ්‍යධරණී ප්‍රදේශයට පැතිර ගිය බවත් රෝම ජාතිකයන් විසින් රෝගය බටහිර යුරෝපයට ව්‍යාප්ත කෙරුණු බවත් විශ්වාස කෙරේ. යුරෝපයේ මේ රෝගය බරපතල සෞඛ්‍ය ගැටලූවක් බවට පත් වන්නේ පසු කාලයක දී ය. එනම් මධ්‍යකාලීන යුගයේ දී ය.
මේ අතර වහල් මෙහෙය සඳහා ඉන්දියාවෙන් ඊජිප්තුවට ගෙන ගිය පිරිස් මගින් මේ රෝගය ව්‍යාප්ත වූ බවට ද මතයක් තිබේ. තව ද ඉන්දියාවේ සිට ආසියාවේ අනෙක් ප්‍රදේශවලට ද රෝගය පැතිර තිබේ. වඩා ඈත කාලයේ දී චීනය, ජපානය වැනි ප්‍රදේශවලට ද වඩා මෑත කාලයේ දී පැසිෆික් දූපත්වලට ද රෝගය ව්‍යාප්ත වී තිබේ.
ලාදුරු රෝගයේ ආරම්භය පිළිබඳ අනෙක් මතය වන්නේ රෝගය නැගෙනහිර අප්‍රිකාවේ හෝ මෑත පෙරදිග ප්‍රදේශයේ හෝ ආරම්භ වූ බව ය. ඒ සඳහා අප ඉහත දී පෙන්වා දුන් ලාදුරු රෝගය ඇති කරන බැක්‌ටීරියාවේ ප්‍රවේනි ද්‍රව්‍ය ඇසුරින් සිදු කරන ලද ජාන විද්‍යාත්මක සාධක පදනම් වී ඇත. මේ මතය අනුව ලාදුරු රෝගයට බොහෝ ඈත අතීතයක් තිබේ. අප්‍රිකාවෙන් පිටත ප්‍රදේශයට නූතන මානවයින් ව්‍යාප්ත වන විට මේ රෝගය ද ආසියාවට හා අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවක් පෙන්වා දී ඇත. ඇමෙරිකානු මහාද්විපවලට හා බටහිර අප්‍රිකානු ප්‍රදේශවලට මේ රෝගය පැතිරෙන්නට ඇත්තේ යුරෝපීයයන් ගෙන් හෝ උතුරු අප්‍රිකානුවන් ගෙන් හෝ බව එහි දී පෙන්වා දී ඇත. එහෙත් මේ ජානමය අධ්‍යයනයේ දී බැක්‌ටීරියාව ලබාගැනීම සඳහා යොදාගත් ජන කණ්‌ඩායම්වල නියෑදියේ කුඩා බව හා මිශ්‍ර වී තිබීම වැනි කරුණු නිසා මේ පිළිබඳ කිසියම් සැක මතු කර තිබිණි. කෙසේ වෙතත් වැඩි කලක් තිස්‌සේ පිළිගැනීමට ලක් වූ ඉන්දියානු ප්‍රභවය පිළිබඳ මතය මේ වන විට කිසියම් අභියෝගයකට ලක් ව ඇති බව පෙනේ.
වසර 4000ක් පැරණි ලාදුරු වැළඳුණු මානව ශේෂ
ඉන්දියාවේ රාජස්‌ථාන් ප්‍රාන්තයේ උදයිපූර් ප්‍රදේශයට ආසන්නව පිහිටි බලතාල් ප්‍රදේශයෙන් මෑත දී හමු වූ ක්‍රිස්‌තු පූර්ව 2000 පමණ කාලයට අයත් මානවයකු ගේ ඇටසැකිල්ලකින් ලාදුරු රෝගය පිළිබඳ සාධක ලැබෙන බව මෑත දී හෙළි වී ඇත. එම පර්යේෂණ පත්‍රිකාව ඡඛදී ධභෑ සඟරාවේ පසුගිය දා පළ වී තිබිණී.
මේ ප්‍රදේශයේ ජී¨වත් වූ ජන කාණ්‌ඩ දෙකක් පිළිබඳව එහි සිදු කරන ලද කැණීම්වලින් අනාවරණය වී ඇත. එA අතරින් වඩා පැරණි ජන කණ්‌ඩායම ක්‍රි. පූ. 3700-1820 අතර කාලයේ දී වාසය කරන ලද පිරිසකි. මේ පර්යේෂණයට පාදක වූ ඇති ඇටසැකිල්ල හමු වී ඇත්තේ 1997 වර්ෂයේ දී පමණ ය. එය ක්‍රි. පූ. 2500ත් 2000ත් අතර කාලයක දී භූමදානය කරන ලද්දක් බව විකිරණශීලී කාබන් කාල නිර්ණයෙන් සොයාගෙන තිබේ.
මේ අස්‌ථි අවශේෂ අයත් වන්නේ වයස 37ක පමණ පිරිමියකුට බව අස්‌ථි විද්‍යාත්මකව නිගමනය කර තිබේ. ඔහුට ලාදුරු රෝගය වැළඳී තිබූ බවට සාධක හමු වී ඇත්තේ මේ ඇටසැකිල්ලේ හිස්‌කබල හා තවත් අස්‌ථිවලිනි. ලාදුරු රෝගය නිසා ඇති වන අස්‌ථි තුනී වී යැම හෙවත් ඛාදනයට ලක් වීම මේ ඇටසැකිල්ලේ නාසය, කම්මුල් මෙන්ම පර්ශු, කශේරුකා හා පාද වැනි ස්‌ථාන ගණනාවක ම දැකිය හැකි විය. එසේ ම මෙවැනි තත්ත්වයකට හේතු විය හැකි වෙනත් රෝගයක් මේ මිනිසාට නො තිබූ බව ද හෙළි වී ඇත. මේ අනුව මේ අස්‌ථි අයත් මිනිසා ලාදුරු රෝගය වැළඳුණුq අයකු බව උක්‌ත පර්යේෂණ පත්‍රිකාව නිගමනය කරයි.
එසේ ම මේ අස්‌ථි ශේෂය අථර්වවේදයේ ලාදුරු පිළිබඳව සඳහන් ව ඇති පාඨවල සත්‍යතාව පෙන්වා දෙයි. මේ පාඨ අස්‌ථිවල ඇති වන තත්ත්වය පිළිබඳව ද පෙන්වයි. මේ අනුව උක්‌ත පාඨ ලාදුරු රෝගය පිළිබඳව ද යන්න ගැන සැකයක් විය. ඉන්දියාවේ ලාදුරු පිළිබඳව පැවති පැරණිතම ලිත සාධකය යූයේ ක්‍රි. පූ. 6 සියවසේ පමණ ලියෑවුණුq සුශ්‍රැත සංහිතාව ය. දැන් අථර්වවේදයේ ඇති සඳහන විශ්වසනීය නිසා මේ කාලය ක්‍රි. පූ. දෙවන සහස්‍රකය දක්‌වා අතීතයට ගෙන යා හැකි ය.
මේ අස්‌ථි මෙතෙක් ඉන්දියාවෙන් සොයාගන්නා ලද පැරණිතම ලාදුරු ලක්‌ෂණ සහිත ඇටසැකිල්ල වේ. ඉන් කියෑවෙන්නේ ක්‍රි. පූ. 2000 පමණ කාලයේ දී ද ඉන්දියාවේ ලාදුරු රෝගය පැවති බව ය. මේ ඇටසැකිල්ල අයත් යුගය වන විට ඉන්දියාවේ මේ ප්‍රදේශවල නාගරිකරණය හා වෙළෙඳාම පුළුල්ව පැවතියේ ය. මෙසපොතේමියාව හා ඊජිප්තුව වැනි ප්‍රදේශ සමඟ පුළුල් සම්බන්ධතා මේ අවධියේ දී පැවතිණි. අධික ජනගහනයක් සහිත විම හා නාගරීකරණය මේ රෝගය ව්‍යාප්ත වීමට උපකාරී වූ බව සාමාන්‍යයෙන් පිළිගැනේ. ලාදුරු රෝගය අප්‍රිකානු ප්‍රභවයක් සහිත වූයේ නම් ඉන්දියාවට ව්‍යාප්ත වීමට මේ සම්බන්ධතා උපකාරී වන්නට හැකි ය. එසේ නම් රෝගය ඉන්දියාවට පැමීණ ඇත්තේ කලින් විශ්වාස කළ ආකාරයට ඈත අතීතයේ දී නො ව ඇතැම් විට වඩා මෑත කාලයක දී විය හැකි ය. කෙසේ වෙතත් ලාදුරු රෝගය ඉන්දියාවට පැමිණි දිනය නිශ්චිතව පැවසීම සඳහා තවදුරටත් DභA ආශ්‍රිත පර්යේෂණ හා පුරාව්‍යාධිවේදය පිළිබඳ තවත් පර්යේෂණ අවශ්‍ය බව නම් පැහැදිලි ය.
ලෝක ඉතිහාසය පුරා සිදු වූ මානව සංක්‍රමණ නිසා මෙවැනි රෝග ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව මේ අධ්‍යයනයෙන් සාධක ලබා දේ. එය මානව සංක්‍රමණ හා එA ආශ්‍රිතව පැනනඟින සෞඛ්‍ය ගැටලූ සම්බන්ධව වැදගත් වේ. නූතන යුගයේ ඇති ගමනාගමන පහසුකම් නිසා ඉන්ෆ්ලූවෙන්සා වැනි රෝග ව්‍යාප්ත වන ආකාරය අපි මේ වන විට අත්දකිමින් සිටිමු. එහෙත් එතරම් ශීSඝ්‍ර සම්බන්ධතා නො තිබුණ ද අතීතයේ දී ද රෝග ව්‍යාප්තිය සඳහා ජන සංක්‍රමණ හා ආගමන විගමන සම්බන්ධතා ඉවහල් වූ ආකාරය මේ සිදුවීමෙන් පෙනේ.
ධනේෂ් විසුම්පෙරුම
ඡායාරූපය - ඡඛදී ධභෑ සඟරාව
(වෙළුම 4 - අංක 5, 2009 මැයි)
mahamolakaraya.blogspot.com
No comments:
Post a Comment