Buddhist TV

Buddhist TV
බෞද්ධකම අගයන රටක් වෙනුවෙන් බෞද්ධයා නාලිකාව

Wednesday, August 10, 2011

ඔන්න කට්ටියට කියන්න අපි ආව දෙවෙනි බ්ලොග් එකටත්. අපිට මේකෙදි කතා කරන්න තියෙන්නෙ සංඛ්‍යා පද්ධතිය මේ දක්වා විකාශනය උනේ කොහොමද කියන එකයි.

1. තාත්වික සංඛ්‍යා




තාත්වික සංඛ්‍යා පද්ධතියේ විකාශය

ඇත්තෙන්ම මේකෙදි කතා කරන්නෙ..., අපි අද භාවිතා කරන මේ සංඛ්‍යා පද්ධතිය අතීතයේ සිට ගොඩනැගුනෙ කොහොමද කියන එක ගැනයි.


ඉස්සර කාලෙ ඔය කැල්ක්යුලේටර් වත් කොම්පියුටර්වත් තිබුනෙ නෑ. මං ඔතන ඉස්සර කියන වචනෙන් කිව්වෙ ප්‍රාග් ඓතිහාසික යුගයෙ මුල් අවදිය ගැනයි. ඉතින් ඒකාලෙ හරිහමන් භාශාවක් වත් තිබිල නෑ. ඒ ගොල්ලො කතා බහ කරල තියෙන්නෙ එක එක විදියෙ හස්ත්‍ර මුද්‍රා , එහෙම පාවිච්චි කරල. පස්සෙ දවසින් දවස ගෙවිල යනකොට භාෂාව   ටික ටික දියුනු වෙලා තියෙනව. ඒ අයගෙ මූලික අවශ්‍යතා වැඩිවෙනකොට පොඩ්ඩ පොඩ්ඩ වචනත් බිහිවෙලා තියෙනව.


මේ විදියටම සංඛ්‍යාත් ඒ අයට අවශ්‍ය වුනේ එදිනෙදා ජීවිතයේ අදහස් හුවමාරු කරගන්නම තමයි. මුල් කාලෙදි සංඛ්‍යා ප්‍රකාශ කරන්න ක්‍රමයක් තිබනෙ නැති නිසා ඒ අය පාවිච්චි  කරපු ක්‍රමවේදය තමයි එකට එක අනුරූපතාවය. එකට එක අනුරූප තාවය කියන්නෙ .....


මෙහෙමයි ,      එක මනුස්සයෙක් ඉන්නව... දැන් මේ මනුස්සයට ඊතල තුනක් අවශ්‍යයි. මෙයා එයාගෙ යාලුවගෙන් ගිහිල්ල ඊතල ටික පෙන්නල ගල් කැට තුනක් ඇහිඳල පෙන්වනව. එතකොට යාලුව තේරුම් ගන්නව මෙයාට ඕනිවෙලා තියෙන්නෙ ඊතල තුනක් බව. ඉතින් ඔන්න ඕකට තමයි එකට එක අනුරූපතාව කියල කියන්නෙ.


ඔය එකට එක අනුරූපතාව කියල කියන්නෙ සංඛ්‍යා පද්ධතිය විකාශණයේ බොහොම දැවැන්ත අවස්තාවක් වගේම එහි ආරම්බක අවස්තවයි.
එඬේරය බැටලුවො බලාගත්තෙත් ඔය එකට එක අනුරූපතාවය පාවිච්චි කරලම තමයි. මුල් කාලෙදි ගල් කැට පාවිච්චි කලත් පස්සෙ කාලෙදි අතේ ඇඟිලි පාවිච්චි කරල තියනව. දැනගන්න ලැබෙන විදියට නම් අද අපි පාවිච්චි කරන දහයෙ පාදයේ සංඛ්‍යා ඇවිල්ල තියෙන්නෙ අතේ ඇඟිලි පාවිච්චි කරපු නිසයි.
පස්සෙ කාලෙදි වෙල හෙලඳාම් දියුනු වෙනකොට ඒව මතක තියා ගන්න අමාරු නිසා ඒව ගිනුම් ගත කරන්න එක එක හැඩයෙ සංඛ්‍යා නාම
භාවිතයට ඇවිල්ල තියෙනව.


ඉතින් ඔන්න ඔහොම තමයි අපි අද පාවිච්චි කරන සංඛ්‍යා භාවිතයට ඇවිල්ල තියෙන්නෙ.


ඉතිහාසෙ ඉගෙන ගත්තටම මදි තව ගොඩක් දේවල් ටිකක් තියෙනව ඉගෙන ගන්න . ඒ තමයි සංඛ්‍යා පද්ධතියෙ හැටි ස්වභාවය.
ඒක අපි කතා කරමු තුන්වෙනි බ්ලොග් එකෙන්. මාතෘකාව තමයි "ගණින සංඛ්‍යා කුලකය හා ප්‍රකෘති සංඛ්‍යා කුලකය".


මගෙ හොඳ යාලුවො ටික මේක හොඳට කියවල කොමෙන්ට් කරන්න. ඇඩ් එකකුත් ක්ලික් කරල මටත් උදව්වක් කරන්න. .................. හොඳේ.........

mahamolakaraya.blogspot.com

No comments:

Post a Comment